ලංකාවේ මල්
මල් වගාව
ශ්‍රී ලංකාවේ මල් වගාව ඉතා අතීතයේ සිට නිවාස වටා ඇති ගෙමිදුල අවට අලංකාර කර ගැනීම සඳහා ගෘහනියන් විසින් පවත්වා ගෙන යනු ලැබුවකි. පසු කාලීනව උද්භිත උද්‍යාන පිහිටුවා විද්‍යානුකූලව මල් වගාව ආරම්භ කර සංචාරකයින් හා උසස් අධ්‍යාපනය ලබන්නන් සඳහා යොදාගන්නා ලදීවිසිතුරු මල් වගාව ස්වයං රැකියාවක් ලෙස හා විදේශ විනිමය උපයා ගත හැකි ව්‍යාපාරයකි. මෙහිදී වගා කිරීම සඳහා යොදා ගන්නා මල් වර්ග ලෙස ඇන්තුරියම්, ඕකිඩ්, ජර්බෙරා, කානේෂන්, විසිතුරු පත්‍රික ශාක, තාල වර්ගයේ ශාක ආදිය භාවිතා කෙරේ. මේ සඳහා මල් වගාව සම්බන්ධ දැනුමක් මෙන්ම මූලික ප්‍රාග්ධනයක්ද අවශ්‍යය. ඊට හේතුව නම් වගාකිරීම සඳහා සෙවන ගෘහ, ජල සම්පාදන පහසුකම්, පොහොර යෙදීම, ප්‍රවාහන පහසුකම් ආදිය සඳහා යම් මුලික වියදමක් දැරීමට සිදුවීමය.
ලංකාවේ පළාත් මල්
රටක ජාතික අනන්‍යතාවය හෙළි කිරීමට සංකේත රාශියක් නිල වශයෙන් භාවිත නරනු ලබයි.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය,ජාතික ගීය,ජාතික ක්‍රීඩාව,ජාතික ඇඳුම ජාතික පුෂ්පය,ජාතික වෘක්ෂය සහ ජාතික පක්ෂියා යනාදී වශයෙනි. මීට අමතරව පළාත් සඳහා නම් කරන ලද පළාත් කොඩිද පවතී. නමුත් අද වන විට පළාත් සංකේත අතරට අලුතින් එකතු වූවක් ලෙස "පළාත් පුෂ්පයන් "හඳුන්වාදිය හැකිය.රෝස මල් වගාව
රෝස ශාකයේ ඉතිහාසය
රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ.චීනය ,ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ.රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි.රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්,විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත.එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත.1.කැලෑ රෝස
අතීතයේ සිට මිනිසා සමග පැවති වර්ගයකි. පුරාණයේ යම් යම් රෝග සදහා රෝසමල් පෙති තම්බාගත් ජලය ප්‍රයෝජනයට ගැනීම නිසාත් කැලෑවල විශාල ලෙසට වැවෙන නිසාත් මේ නාමය භාවිතා විය.මීට අමතරව ඩැමෙස්කස් ,ගැලීකා ලෙසට ද කැලෑ රෝස වර්ගීකරණය වේ.රෝසා වැන්කසීසා නමින් හැදින්වෙන වර්ගය වැලක ආකාරයට වැවේ.වර්ණයෙන් සුදු සහ කහ පැහැයෙන් යුක්තය.මේ රෝස වර්ග අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසා සමග පැවත ආ වර්ගයකි.මීට අමතරව වර්තමානයේ දැකිය හැකි රෝස වර්ග කීපයකි. මේවා මල්වල පැහැය හැඩය වර්ණය අනුව වර්ගීකරණය කොට ඇත.දැනට අප අතර පවතින රෝස වර්ග
- හයිබ්‍රිට් ටී රෝස -(Hybird Tea Roses)
- ෆොලොරිබණ්ඩා රෝස-(Floribunda Roses)
- කුරු රෝස -(Miniature Roses)
- වැල් රෝස -Climbers and Rombiers)
- පදුරු රෝස -(Shurb Roses)
- හයිබ්රිටි ටී රෝස (Hybird Tea Roses)
මේ රෝස වර්ග ලෙසට
- ඇලෙක්ස්
- ඇලෆ-ෆයින් සන්සෙට්
- චිකාගෝ ෆිෂ්
- ගෝල්ඩ් ක්‍රවුන්
- පීස්
- පින්ක් ෆොචරීට්
- සිල්ව ජුබිලි යෙලෝ පේස්ඩ්
- හෙලන් ට්රොබෙල්
- පිකඩලී
- බ්ලු මූන්
- සර්ටන් හොලිඩේ
- නේෂන්ට්‍රස්ට්
ෆොලොරි බණ්ඩා (Floribunda Roses)
මේ වර්ගයේ රෝසමල් තරමක් කුඩාය.සුවදක් නොමැත.ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.ඒ සමග මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ.මේ වර්ගයෙන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි ප්‍රභේද කිහිපයකි.- මයි ගර්ල්
- චැනලි
- ක්වීන් එළිසබෙත්
- හනිමුන්
- ඩියරස්ට්
- ටිකී
- සී පර්ලි
- බියුලි ඇබේ
- ෆර්පෙක්ට්
කුරු රෝස (Miniature Roses)
ශ්‍රී ලංකාවේ දී පඳුරු වශයෙන් දැකිය හැක.උස අගල් 5-10 අතර වේ. නිරන්තර රෝගයන්ට ගොඳුරු වීම නිසා වගා කිරීම අපහසුය.තෙත පස හා ශීත දේශගුණය තුළ තරමක් දුරට හෝ වගා කිරිමට හැකිය.වැල් රෝස (Climbers and Romblers)
මෙය මූලික වශයෙන් වර්ග දෙකකි.- වැල් රෝස (උසට වැඩෙන)
- වැල් රෝස (උසට නොවැඩෙන)
- වැල් රෝස (උසට වැඩෙන)
- අයිස් බර්ග්
- ස්කූල් ගර්ල්
- කැසිනෝ
- ගෝල්ඩන් ෂවර්
- වින්ක් පර්පැච්
- වැල් රෝස (උසට නොවැඩෙන)
- ඩොරිති
- පර්තින්
- ක්‍රිම්සන් ෂවර්
පඳුරු රෝස (Shurb Roses)
මෙය ශ්‍රී ලංකාවට ආවේණික රෝසමල් වර්ගයකි.එතරම් ජනප්‍රිය නොවූවකි.වර්ෂයකට එක්වරක් පමනක් මල් පිපේ.මෙම වර්ගය "මූන්ලයිට් ෆවුන්ටන්" ලෙසට හැදින්වේ.රෝස වගා කිරිමේ දි දැනගතයුතු මූලික කරුණු
රෝස වගා කිරිමේ දී මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුය.එසේ නොදැන වගා කිරීමට යාම මගින් වගාව අසාර්ථක වේ. රෝස ගස්වලට වැළඳෙන රෝග පොහාර යෙදීම ,පස සකස් කිරීම,කප්පාදු කිරීම පිළිවෙලට මනා අවබෝධයකින් යුතුව කළයුතුය.පස් වර්ග හදුනා ගැනීම
- වැලි පස යොදා ගැනීම
- මැටි ආශ්රිත පසේ රෝස වගා කිරීම
ජලය හොදින් බැස නොයන දැඩි ලොම් පස ඉතාමත් සාරවත් පසකි.රෝස වගාවට එවැනි සාරවත් පසක් ද සුදුසු නොවේ.මේ නිසා රෝස වගාව සදහා ඒ පස සුදුසු ලෙස සකසා ගත යුතුය.මෙහිදී අඩි 02 ක් ගැඹුරට වළක් කපා ගැනීමෙන් පසු අඩි1 1/2 පමණ පළල් කොටසක පස් හොදින් බුරුල් කොට වියළාගත් ගොම කුඩු එකතුකොට ඉතිරි කොටසට කොළ පොහොර හා වැලි සමව මිශ්‍ර කළ යුතුය.ඉන්පසු රෝස පැළය සිටුවා ගන්න.
- හුණු පස වගාවට යොදා ගැනීම
- ජලයය රඳා පවතින පසේ රෝස වගා කිරිම
රෝස පැළ ලබා ගැනීම
රෝස වගාකර ගැනිමට අවශ්‍යය පළමු කාර්යය රෝස පැළ ලබා ගැනීමයි.මේසදහා ක්‍රම කීපයක්වෙයි.- අතු බැදිම (ගුටි ක්‍රමය)
- කපා අතු සිටුවීම
- බද්ධ කිරීම
- හෝමෝන කිරීම
- බීජ මගින් බෝකර ගැනිම
රෝස පැළ සිටුවීමේ දී සැළකිය යුතු කරුණු
ගෙවත්තේ රෝස වගා කිරීමේ දී සුදුසු පරිදි පාත්ති සකස් කොට පසුව රෝස ගස් සිටුවීමේ දී පරතරය පිළිබද සැළකිළිමත් විය යුතුය.මේ සදහා වර්ගීකරණය අනූවකළයුතුය.හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක්අතරපරතරයඅඩි03වියයුතුය. කුරු රෝස මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.
වැල් රෝස ඉතා මිටි බැවින් පරතරය අඩි 10 පමණ විය යුතුය.
උසට වැවෙන වැල් රෝස ශාකය බොහෝ විට ඉතා උස බැවින් ගස් දෙකක් අතර පරතරය අඩි 06 පමණ විය යුතුය.
- භාජන තුළ රෝස පැළ සිටුවීම
රෝස බද්ධ කිරීම
රෝස බද්ධ කිරිමේ ක්රමයන් අතරින් ප්‍රධාන වන්නේ යටිකුරු මී බද්ධයයි. මෙය ඉතාමත් සියුම් ලෙසට කළ යුතු ක්‍රියාවකි.මේ සදහා මුලින්ම කැලෑ රෝස අංකුරයක් එහි යටිකුරු ටී කැපුම යොදා ගන්න.මල් පිපුණු රෝස අත්තක අංකුරයක් ලබාගෙන එය තබා ඉහළ සිට පහළට පොලිතීන් වලින් වෙලන්න.ඉන්පසු සෙවණ සහිත ස්ථානයක තබන්න. සති හතරකට පසු පැලුම බුරුල් කොට නැවත වෙලන්න.රෝස කප්පාදුව
රෝස ගස් කප්පාදුව සදහා හොදම කාලය අප්‍රේල් මාසයයි.කප්පාදු කිරීම සදහා දැඩි කප්පාදු යොදන්නේ නම් .පොළවේ සිට අඟල් 05 ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න.කැපූ කිනිති කුණුවීම වැළැක්වීම සදහා දිලීර නාශකයක් කැපූ ස්ථානවල ආලේප කරන්න.- සරල කප්පාදුව
පොහොර යෙදීම
ගස් කප්පාදු කිරීමෙන් පසු ඇමෝනියම් සල්ෆේට්,සුපර් සල්ෆේට් ,පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න.මේ මිශ්‍රණය මුලින්ම 5:3:1 අනුපාතයටද ,මසකට පසු 4:2:1 අනුපාතයටද පොහොර මිශ්‍රණය යොදන්න.මීට අමතරව මල් ලබා ගැනීම සදහා හෝමෝන සහිත රසායනික පොහොර යෙදීමට අමතරව පොටෑසියම් වැඩිපුර අඩංගු පොහොර යෙදීමෙන්ද මල් හට ගනී.රෝග හා පළිබෝධ
රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාටවිම ,කළු පුල්ලි ඇතිවීම ,රෝග ලක්ෂණයි.වර්ෂාව සමග රෝග බහුලව පැතිරි යයි. ක්ෂණිකව දිලීර නාශකයක් යෙදීම අවශ්‍යය.මේ සදහා ප්‍රොපීනොබ් ,අඩංගු දලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය වේ.- පසු මැරීම---- ගසේ කඳ මැරීමේ රෝගය ලෙසට හැදින්විය හැක.මුල සිට ඉහලට කළුපැහැ ගැන්වෙන තෙතමනය අධිකවිම නිසා සිදුවේ.මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම කළයුතුය.
- සුදු පුස් රෝගය---ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකිය.පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරේ.මෙය රෝස වගාවට බහුලව වැළදෙන රෝගයකි.වාතයේ ජල වාෂ්ප වැඩි කාලයට අධික සුළං ඇති කාලයට මෙය අධික ලෙස පැතිරී යයි.මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්දනය කලහැකි වේ.
- කූඹින්ගෙන් වන හානිය---කූඹින්ගෙන් ද රෝස වගාවට හාන් පැමිණේ. කොළවල යුෂ උරා බොයි.ගස් ඉතා ඉක්මනින් විනාශ වේ.මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මර්දනය කල හැකි වේ.
- පිටි මකුණා---මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොයි. සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස පෙනේ. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.
- කොරපොතු කෘමියා---මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වේ.මේ සදහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්දනය කල හැකි වේ.
- කඳ විදින පණුවා----ළපටි කඳ සිදුරු කොට ජීවත් වේ.මර්දනය සදහා ගස් ගලවා පුළුස්සා දැමිය යුතුය.
පිංතූර ගැලරිය
Miniature Roses( කුරු රෝස)
Shurb Roses(පඳුරු රෝස)
[සංස්කරණය] Climbers and Romblers Roses (වැල් රෝස)
[සංස්කරණය] Wild Roses (කැලෑ රෝස)
[සංස්කරණය] Floribunda Roses(ෆ්ලොරිබන්ඩා රෝස)
[සංස්කරණය] Hybird Tea Roses (හයිබර්ඩ් ටී රෝස)
[සංස්කරණය] මූලාශ්‍ර
- 2006 නොවැම්බර් මස 28 වෙනි බදාදා ලංකාදීප, නීල් සමරවීර,
- "අරුණලු" 04 පිටුව